Playing via Spotify Playing via YouTube
Skip to YouTube video

Loading player…

Scrobble from Spotify?

Connect your Spotify account to your Last.fm account and scrobble everything you listen to, from any Spotify app on any device or platform.

Connect to Spotify

Dismiss

A new version of Last.fm is available, to keep everything running smoothly, please reload the site.

Duhulu Maleka - Lyrics

දුහුල් මලෙක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම් ව ලියුවා වූ මගෙ පෙම් පණිවිඩය
සමනලයෙක් අතේ එව්වා හම්බවුණා ද
බාරගන්න පරිස්සමින් තටු පොඩි නොකර
මගෙ පෙම් පණිවිඩය
හම්බවුණාදැයි කියලා ලියලා එවන්න
ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත්වෙන්න

ඔබට කැමති වූ දවසේ
දැනුණු හැඟුමේ පාට තමයි
දේදුන්නක් වෙලා දෑස් වෙත පාත්වුණේ
ඒ සතුටේ සුසුම තමයි නල මුදු සුළඟක් වී
හිත තෙතමාත්තු කළේ
ඒ බව හැඟෙනවා නම් මට කියලා එවන්න
ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත්වෙන්න

ඔබ නික්මන් කළ දවසේ
උනපු කඳුළේ තරම තමයි
පොද වැස්සක් වෙලා පොළවට පාත්වුණේ
ඒ කඳුළේ බලය තමයි මහවැලි ගඟ මැද්දේ
දියසුළියක් වූයේ
ඒ බව දැනුණා නම් මට කියලා එවන්න
ඒ ටික ඇති තව දුරටත් ජීවත්වෙන්න

දුහුල් මලෙක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම් ව ලියුවා වූ මගෙ පෙම් පණිවිඩය
සමනලයෙක් අතේ එව්වා හම්බවුණා ද
බාරගන්න පරිස්සමින් තටු පොඩි නොකර
මගෙ පෙම් පණිවිඩය
හම්බවුණාදැයි කියලා ලියලා එවන්න
ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත්වෙන්න

Don't want to see ads? Subscribe now

API Calls